මෙරට අගමැති හමු වූ බංගලාදේශ කතානායක.
Parliament of Sri Lanka
Dinesh Gunawardena
Sri Lanka
Bangladesh
By Hashini
ඊයේ (18) අරලිය ගහ මන්දිරයේදී බංග්ලාදේශ කතානායක ශිරින් ෂර්මින් චෞද්රි මහත්මිය ඊයේ (18) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා.
අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කර තිබෙන්නේ දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අත්දැකීම් හුවමාරු කර ගැනීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි.
දෙරටේ ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු භාවිතයන් ශක්තිමත් කළ හැකි බව බංග්ලාදේශ කතානායකවරිය ප්‍රකාශ කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ.