පොලිස් නිලධාරියෙකු බව පවසා සිදුකළ මුදල් කොල්ලය - (CCTV VIDEO)
By Sithumi
තමන් පොලිස් නිලධාරියෙකු බව පවසමින් රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑ පුද්ගලයෙකු අද (11) කිරුළපනේදී අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය පැවසුවේ, සැකකරු පසුගිය 9 වැනිදා බම්බලපිටිය ලෝරන්ස් පාරේදී මෝටර් රථයක සිටි පුද්ගලයකුට මාංචු දමා රන් භාණ්ඩ කොල්ලකා ATM යන්ත්‍රයෙන් ඔහු ලවා මුදල්ද ලබාගෙන ඇති බවය.
මෝටර් රථයේ සිටි පුද්ගලයා ATM යන්ත්‍රයට යන ආකාරය සහ මුදල් රැගෙන එන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි.
පොලිසිය පැවසුවේ, සැකකරු අදාළ කොල්ලකෑම සිදුකර ඇත්තේ, පොලීසියෙන් පැහැරගන්නා ලද යතුරුපැදියකින් ගොස් බවය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |