දකුණේ පාසල් සම්බන්ධයෙන් ගත් නවතම තීරණය මෙන්න..

Report

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට යළි විවෘත කෙරේ.

ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වය හේතුවෙන් පසුගිය සතියට අමතරව ඊයේ සහ අද පාසල් වසා දැමුණා.

ගංවතුරින් විපතට පත් පාසල් හැර අනෙකුත් සියලුම පාසල් හෙට විවෘත කරන බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.