දර ලොරියෙ රෝදය පුපුරා ගොස් , දක්ෂිණ අධිවේගයේ සිදු වූ අනතුර..(VIDEO)
Sri Lanka
Accident
By Sewvandhi
බණ්ඩාරගම කොළමැදිරිය ප්‍රදේශයේදී කුරුඳු දර පටවාගෙන දක්ෂිණ අධිවේග මාර්ගයේ ගමන් කරමින් තිබු ලොරි රථයක් පෙරළී යාමෙන් එම ලොරි රථයට දැඩි අලාභ හානි සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරනවා.
මාතර, මිද්දෙනිය ප්‍රදේශයේ සිට තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි ආයතනයකට කුරුඳු දර රැගෙන එමින් සිටියදී එම ලොරි රථයේ දකුණු පස පිටුපස රෝදය පිපිරීයාමත් එම ලොරිය පෙරළී මීටර් දහයක් පමණ ඉදිරියට ඇදීගොස් ආරක්ෂිත වැටෙහි ගැටී නතර වී තිබුණි.
අනතුර වන අවස්ථාවේ ලොරි රථයේ රියැදුරු පමණක් සිට ඇති අතර ඔහුට තුවාල සිදුවී නොමැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
