මෙරට දුම්රියකින් වාර්තාගත දෛනික ආදායමක්..ඔයත් මේ දුම්රියෙ ගිහිල්ලම බලන්න.
දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් කැලිප්සෝ දුම්රිය දිනක ආදායම රුපියල් ලක්ෂ 10 ඉක්මවමින් වාර්තාගත ආදායමක් උපයා තිබෙන බව වාර්තා වනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසන්නේ, දිනපතා බණ්ඩාරවෙල බදුල්ල දක්වා ධාවනය වන කැලිප්සෝ දුම්රිය පෙරේදා(17) දිනයේ සංචාරකයින්ගෙන් පිරී ගිය බවත් පෙරේදා දිනය පමණක් මේ ආදායම ලබා ගත් බවයි.
![බීච් යන්නෙ බලාගෙනයි..සැමිය බලාගෙන ඉද්දි බිරිඳට සිදුවූ බිහිසුණු සිදුවීමක්..මේ වගේ දෙයක් ඔයාටත් වෙන්න පුළුවන්.(PHOTOS)](https://cdn.ibcstack.com/article/b14c9a45-a88c-4f02-a0ca-cfcc9d3796f8/25-67b519bfc92b1-sm.webp)
බීච් යන්නෙ බලාගෙනයි..සැමිය බලාගෙන ඉද්දි බිරිඳට සිදුවූ බිහිසුණු සිදුවීමක්..මේ වගේ දෙයක් ඔයාටත් වෙන්න පුළුවන්.(PHOTOS)
දෛනිකව රුපියල් ලක්ෂ පහක පමණ ආදායම් ලබන කැලිප්සෝ දුම්රිය වැඩිම ආදායමක් ඊයේ දින වාර්තා කළ බවත් කී දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා එහි දිනක වියදම රුපියල් ලක්ෂ හතරක් පමණ යැයිද කියා සිටියා.
සංචාරක ආකර්ෂණය මේ දුම්රිය ට මෙන්ම දුන්හිඳ ඔඩිසි දුම්රිය වෙතත් ඇති බව කී ඒ මහතා මාර්ගගත ක්‍රමය ඔස්සේ ටිකට්පත් තත්පර කිහිපයක් තුළ විකිණී අවසන් වන බවයි කියා සිටියේ.
මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇත.
උඩරට දුම්රිය මාර්ගයේ අසිරිය විඳින්නට සංචාරකයින් මහත් උනන්දුවක් දැක්වීමද විශේෂත්වයක්.
![රාජපක්ෂ පවුලේ අලුගෝසුවා ලෙස චමුදිත සමඟ විශේෂ හෙළිදරව් කළ දකුණම හෙල්ලූ "කජ්ජා" වෙඩි ප්‍රහාරයකින් මරුට..දරු දෙදෙනාත් වෙඩි වැදී මිය යයි(VIDEO/PHOTOS)](https://cdn.ibcstack.com/article/6170fa95-5e2f-4dd6-97b9-3e93e39cd308/25-67b5307175858-sm.webp)
රාජපක්ෂ පවුලේ අලුගෝසුවා ලෙස චමුදිත සමඟ විශේෂ හෙළිදරව් කළ දකුණම හෙල්ලූ "කජ්ජා" වෙඩි ප්‍රහාරයකින් මරුට..දරු දෙදෙනාත් වෙඩි වැදී මිය යයි(VIDEO/PHOTOS)
හෙතෙම සඳහන් කළේ, දෙමෝදර අසල විනාඩි 10 ක්ද ඇල්ල ආරුක්කු 9 පාලම මත විනාඩි 10 ක්ද නතර කර සංචාරකයන්ට සිරි නැරඹීමට අවස්ථාව ලබාදෙන බවයි.
රජයට ආදායම් ලබා දීම මෙන්ම විශිෂ්ට සේවාවක් සැපයීම සදහා දුම්රිය දෙපාර්තමේන්තුව සෑම පියවරක්ම ගන්නා බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.
You May Like This Video
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)