NPP පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසමට...
ජාතික ජන බලවේගය පක්ෂ නායකයින් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතව තිබේ.
පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බව සඳහන්ය.
පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම පිළිබඳව එහිදී මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (18) පස්වරුවේ පවත්වා තිබුණි.
පළාත් පාලන මැතිවරණ සඳහා සුදානම් විය යුතු ආකාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේය.
You may like this video