මගීන් 50කට වැඩි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් බිහිසුණු අනතුරකට.....(VIDEO)

By Piyumika Feb 15, 2025 01:42 AM GMT
Report

පානදුර ගුවන් පාලම ආසන්නයේදී අද (15) අළුයම 4ට පමණ බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් සිව්දෙනෙකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ඊයේ (14) රාත්‍රී 11ට පමණ ලුණුගම්වෙහෙර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස පෙරළී ඇති බව පානදුර දකුණ පොලීසිය පැවසීය.

අනතුරු සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 50කට වැඩි පිරිසක් සිට ඇති බව වාර්තා වේ.

බස් රථයේ රෝදවල සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි.

මෙම අනතුරෙන් බස් රථයට ද හානි සිදුව තිබේ. බස් රථය පැදවූ රියදුරු පානදුර දකුණ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.  

You may like this video