ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ වෙඩික්කරු හීන් සීරුවේ උසාවියට රිංගන හැටි. - CCTV දර්ශන එළියට. - (VIDEO)
අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයා අධිකරණ භූමියට පැමිණි අවස්ථාවේ CCTV දර්ශන පෙළක් නිකුත් කර තිබෙනවා.
ඒ, අනුව වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගෙන ඇති බව ද පොලීසිය පැවසුවේ.
එලෙස ඝාතනයට ලක් වූයේ,සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තායි.
2023 වසරේ සැප්තැම්බර් 13වන දින නේපාලයේ කත්මන්ඩු නුවර සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ගණේමුල්ල සංජීව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

නඩුකාරයා නඩු අහද්දී අලුත්කඩේ විත්ති කූඩුවේ සිටි ප්‍රබල අපරාධකල්ලි නායක ගනේමුල්ලේ සංජීවට වෙඩි තියා මරයි. - නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන ඇවිත්. - (VIDEO /PHOTOS)
සැකකරුව බුස්ස බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙන ආ අවස්ථාවේ දී මෙම වෙඩිතැබීම සිදු වී ඇති අතර මනුෂ්‍ය ඝාතන 19ක් සම්බන්ධයෙන් මේ වනවිට ගණේමුල්ල සංජීවට චෝදනා එල්ල වී තිබෙනවා.
එමෙන්ම ඔහු පාතාල කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන අතර කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පියා ඝාතනය කිරීමේ චෝදනාව ගණේමුල්ල සංජීවට චෝදනා එල්ල වී තිබුනා.
