මෙරට දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ ලෝකය පුරා ගිහින්. - අලුත්ම අනාවරණය ගැන පොලිසිය මහෙස්ත්‍රාත්ට දන්වයි.
මෙරට දරුවන්ට අදාළ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ පළ කර ඇති බව සඳහන් කරමින් ඇමරිකානු රජයේ සමාගමකින් පැමිණිලි රැසක් ඉදිරිපත් කර ඇති බව ළමා හා කාන්තා කාර්යාංශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (18) දන්වා තිබෙනවා.
ඔවුන් එලෙස අධිකරණය වෙත දන්වා ඇත්තේ, ළමුන් සඳහා කටයුතු කරන ඇමරිකානු රජයේ NCMEC සමාගම මගින් ඊට අදාළ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි.
ඒ,අනුව මෙරට ළමයින්ට අදාළව අන්තර්ජාලයේ අසභ්‍ය ඡායාරූප පළකිරීම් සිදුකර ඇති බව සඳහන් කරමින් ඇමරිකානු රජයේ සමාගම විසින් ඉදිරිපත් කර තිබූ පැමිණිලි 2 ක් පිළිබඳව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ කරුණු වාර්තා කරනු ලැබුවා.
එහිදී මෙම පැමිණිලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයට නියම කළා.

නඩුකාරයා නඩු අහද්දී අලුත්කඩේ විත්ති කූඩුවේ සිටි ප්‍රබල අපරාධකල්ලි නායක ගනේමුල්ලේ සංජීවට වෙඩි තියා මරයි. - නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන ඇවිත්. - (VIDEO /PHOTOS)
You May Like This Video👇
