තල්මසෙකුගේ භොජුනක් වන්නට ගොස් දිවි බේරුණු හාස්කම..(VIDEO)

By Piyumika Feb 15, 2025 04:20 AM GMT
Report

තල්මසෙකු මිනිසෙක් සහිත බෝට්ටුවක් ගිල දමා යළි එම මිනිසා සහ බෝට්ටුව නිරුපද්‍රිතව පිටතට දැමූ පුවතක් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළා.

උද්ධමනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්..

උද්ධමනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්..

චිලී රාජ්‍යයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, මීට මුහුණ පා ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක්. මෙම පුද්ගලයා තම පියා සමඟ චිලී හි මුහුදු තීරයක බෝට්ටු පදිමින් සිටිය දී මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ චිලී හී දකුණු පැටගෝනියා කලාපයේ මැගෙලන් සමුද්‍ර සන්ධියේ සැන් ඉසිඩ්‍රෝ ප්‍රදීපාගාරය අසල මෙම සිදුවීම සිදුව ඇති බවයි.

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයි...

ජාත්‍යන්තර ළමා පිළිකා දිනය අදයි...

ඒඩ්‍රියන් සිමන්කාස් නැමැති මෙම පුද්ගලයාව ඔහු සිටි කුඩා බෝට්ටුව ද සමඟ තල්මසා විසින් ක්ෂණිකව ගිලදමා නිරුපද්‍රිතව මුදාහරින ආකාරය ඔහුගේ පියා විසින් වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත එක්ක තිබුණා.

අදාළ තරුණයා මාධ්‍ය වෙත දැක්වූයේ මෙවන් අදහසක්,

"මම යම් දෙයක මුඛය තුළ සිටින බව මට වැටහුණා, සමහර විට එය මාව අනුභව කර ඇති බවත්, ඒ මුහුදු රකුසෙක් විය හැකි බවත් මම තත්පරයක් ගත කළා, මම ඇස් පියාගත්තා, ආයෙත් ඇස් ඇරලා බැලුවම මට තේරුණා මම තල්මසාගේ කට ඇතුලේ ඉන්නවා කියලා, මගේ මුහුණේ සෙවල ගතියක් ඇති බව මට දැනුණා..''

You may like this video