බෑණාව මරු තුරුලට යැවූ මාමණ්ඩිය
කොස්ගම ඇස්වත්ත දකුණ කොස්ගහයටකඩේ ප්‍රදේශයේදී සිය මාමණ්ඩිය හා බෑණා අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග ගොස් මාමණ්ඩිය බෑණාට තියුණු ආයුධයකින් සිදුකල පහරදීමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි කොස්ගම පොලිසිය සදහන් කර තිබේ.
පොලිසිය සදහන් කරන්නේ මිය ගිය පුද්ගලයා සිද්ධිය වූ අවස්ථාවේදී බීමත්ව සිට ඇති බවත් පවුල් ආරවුලක් මත ඇතිවූ කතාබහින් පසු සිදු වූ තියුණු ආයුධ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මිය ගොස් තිබෙන බවයි .
මෙලෙස මියගොස් ඇත්තේ පුවක්පිටිය ඇස්වත්ත උතුර ලිපිනයේ පදිංචිව සිටි දුෂාන් රංගන මායාදුන්න නමැති 34 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකාර මාමණ්ඩිය බව කියන පුද්ගලයා කොස්ගම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ වගේම මෙම සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.