බදුල්ල බන්ධනාගාරයේ අබිරහස් මර්ණයක් - හේතුව සොයා විමර්ශන

Report

බදුල්ල බන්ධනාගාර භාරයේ සිටි රැදවියකු හදිසියේ රෝගි වී බදුල්ල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ (18) මියගිය බව බදුල්ල පොලිසිය ප්‍රකාශ කරයි.

මෙලෙස මිය ගියේ නුවරඑළිය හාවාඑළිය ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.ඒ.චාමර දිනේෂ් පෙරේරා (42l) නැමති අයෙකු මෙසේ මියගිය බවද පොලිසිය පවසයි.

ලිට්‍රෝ ගෑස් හිඟ වෙලා තියෙන්නේ ලාෆ් ගෑස් නිසාද? ගෑස් හිඟය ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශයක්

ලිට්‍රෝ ගෑස් හිඟ වෙලා තියෙන්නේ ලාෆ් ගෑස් නිසාද? ගෑස් හිඟය ගැන පාර්ලිමේන්තුවෙදි ප්‍රකාශයක්

මොහු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පොලිසියේන් අත් අඩංගුවට ගෙන නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් නුවරඑළිය අධිකරණය මගින් සැකකරු බදුල්ල බන්ධනාගාරයේ රදවා තැබීමට නියම කර ඇති බවත් පොලිසිය ප්‍රකාශ කලේය.

ඒ අනුව සැකකරු බදුල්ල බන්ධනාගාර නිළධාරින් ගේ ආරක්ශාව යටතේ බදුල්ල බන්ධනාගාර යේ සිටියදි හදිසියේම අසනිප වී බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදි මෙසේ මියගොස් ඇතයි පොලිසිය සඳහන් කරයි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

පොලිස් නිලධාරීන් පැනලා යනවා පාතාලයට බයේ මොන පොලිසියක්ද මේ? ලැජ්ජයි - පොලීසියට කනේ පාරක්

පොලිස් නිලධාරීන් පැනලා යනවා පාතාලයට බයේ මොන පොලිසියක්ද මේ? ලැජ්ජයි - පොලීසියට කනේ පාරක්