පැතුම් නිස්සංකගෙන් වාර්තාවක් - කුසල් මෙන්ඩිස්ගේ වාර්තාව කඩයි

Report

පැතුම් නිස්සංක විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි20 ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා බවට පත්ව සිටි කුසල් මෙන්ඩිස්ගේ වාර්තාව අබිබවා යාමට සමත්ව ඇත.

අද (19) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේදී විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් සිම්බාබ්වේට එරෙහිව තරගාවලියේ ඔහු මෙම කඩඉම පසුකර ගියේය.

ආරම්භක පිතිකරුවා ලෙසින් පන්දුවට පහරදීමට පැමිණි පැතුම් පන්දු 41කින් ලකුණු 62ක් රැස්කිරීමට සමත් වී ඇත. ඒ සමග ඔහු රැස්කළ විස්සයි20 ලකුණු සංඛ්‍යාව 2636ක් බවට වූ අතර, එතෙක් පෙරමුණගෙන සිට කුසල් (ලකුණු 2607) දෙවන ස්ථානයට පත්විය.

එමෙන්ම පැතැම් අද රැස්කළේ ඔහුගේ 21වන විස්සයි20 අර්ධ ශතකය වන අතර, ඒ අනුව ලංකාව වෙනුවෙන් වැඩිම විස්සයි20 අර්ධ ශතක සංඛ්‍යාාවක් රැස්කළ පිතිකරුවා බවටද ඔහු පත්විය. එම වාර්තාවේද ඔහු කුසල් මෙන්ඩිස් (අර්ධ ශතක 20) සමතැන්ගෙන සිටියේය.