හිතු හිතු මනාපෙට දේශපාලනඥයන්ට තුවක්කු දීලා - දැන් හොයාගන්නවත් නෑ
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පසුගිය කාලයේදී විවිධ දේශපාලනඥයන්ට ගිනි අවි නිකුත් කර ඇති බවත් සමහර ඒවා දීපු තැනක්වත් හොයාගන්න නැති බවත් අනාවරණය කළේය.
සමහර ගිනිඅවි සම්බන්ධ දත්ත වාර්තා කිසිවක් නැති බවද ඔහු සඳහන් කළේය. මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලෙස ගිනිඅවි ආඥා පනත සංශෝධනය කිරීමට කටයුතු කරගෙන යන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා 2024 වසරේදී ගිනි අවි සමීක්ෂණයක් කළ බවද ප්‍රකාශ කරයි.
ඒ අනුව මේ සමීක්ෂණයෙන් තොරතුරු රැසක් අනාවරණය වූ බවද ඔහු ප්‍රකාශ කළේය.
ගිනි අවි සම්බන්ධයෙන් දැඩි නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෝකයේ වෙනත් රටවල ගිනි අවි පාලනය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙතද මේ දිනවල අධ්‍යයනය කරන බව ද සඳහන් කරයි.