අමරකීර්ති ඝාතන සිද්ධියේ එල්ලුම් ගස නියම වූවන්ට සමාව දෙන්න ෆොන්සේකාගෙන් ඉල්ලීමක්

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට එල්ලුම් ගස නියම වූ පුද්ගලයන්ට සමාව දෙන්නැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

  ඔහු මෙම ඉල්ලීම සිදු කර තිබෙනුයේ ඊයේ දින කොළඹදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදීය.

මෙහිදී සදහන් කළේ මෙවැනි අයව මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීම ජනාධිතිවරයාට එක් පෑන් පහරින් සිදුකරන්නට හැකියාව තිබෙන බවයි.

  "අමරකීර්ති ඝාතනයට එල්ලුම් ගස නියමවූ තරුණයන්ට සමාව දෙන්න. මෙවැනි අයව මරණීය දණ්ඩනයෙන් නිදහස් කරගනවා කියන එක ජනාධිතිතුමා එක පෑන් පහරෙන් කරන්න ඕන"

යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.

ගම්පහ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ඉකුත් 11වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ