ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ නීතිඥවරියගේ බැංකු ගිණුම් 08ක් ගැන අධිකරණයට වාර්තාවක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රඳවාගෙන සිටින නීතිඥ තමරා අබේරත්න විසින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආරම්භ කළ බැංකු ගිණුම් 08ක් පිළිබඳව විමර්ශන සිදුකරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම දැනුම් දීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී සිදු කර තිබේ.
ඒ අනුව පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේ, විමර්ශනවලදී මෙම බැංකු ගිණුම් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇති බවයි.
වැඩිදුර පරීක්ෂණමගින් මෙම බැංකු ගිණුම් විවෘත කිරීමට නීතිඥවරිය ව්‍යජ ජාතික හැඳුනුම්පත් භාවිතා කළ බවත්, ඒ මගින් විශාල මුදල් හුවමාරු සිදුකරන ලද බවත් අනාවරණය වී ඇත.
එමෙන්ම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව අධිකරණයට දැනුම් දී ඇත. මහෙස්ත්‍රාත්වරයා, ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් පසු, මෙම බැංකු ගිණුම් සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.