සමහර මැති ඇමතිවරු මාස් පතා ගෙදර ගිහිල්ලා සල්ලි අරන් ලැජ්ජයි නීති රකින්න ඕනේ අය කරන වැඩද මේ - අනුර
වන්දනා මාන කරන්නට දේශපාලකයන් රටට අවශ්‍ය නැති බවත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන් ගොඩනගා ගෙන තියෙන යටි රාජ්‍යය සහමුලින්ම විනාශ කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත.
ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ අද (17) දින මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මිරිගම දක්වා ඉදිකිරීම් ඇරැඹීමේ උත්සවයට සහභාගී වෙමින්.
ඒ අනුව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ,
"පාර්ලිමේන්තුවේ නීතියත් සම්මත කළාම ඊට සමවිවල් කරන නායකයන් ඉන්නවා ගතානුගතික, හිස් පුම්බා අතහරින ලද චරිත වෙනුවෙන් අපේ ජනතාව වැය බරක් දැරිය යුතු නැහැ. අපට අවශ්‍ය දියුණු දේශපාලකයන් වන්දනා කරන්න දේශපාලකයන් පට අවශ්‍ය නැ දේශපාලකයන්ට වැඳගෙන ඉන්න පුරවැසියන්ගෙන් රටක් ඉදිරියට ගෙන යන්න බෑ ලෝකයේ දියුණුම ජාතිය ශ්‍රී ලංකාවේ ගොඩනැගීමේ අභියෝගය අප බාර ගෙන තිබෙනවා " යනුවෙන්.

පක්ෂේ කෙනෙක් වැරදි කරාට නායකයා වගකියන්න ඕනේ නෑ, මොනවා කළත් අපේ නාමල්ගේ ප්‍රතිරූපයට හානි කරන්න බෑ - ලක්ෂ්මන්
එසේම මෙරට පවතින සංවිධානාත්මක අපරාධ කල්ලි වෙනුවෙන් රහසේ උදව් කරන දූෂණ අපරාධ සිදු කරන දේශපාලකයන් ගැන ද හෙළිඳරව් වී ඇති බව සඳහන් කළ ඔහු,
"නීතිය බිඳවැටීම් මේ දේශපාලන සංස්කෘතියේ පිරිහීම විසින් අපේ රට විශාල ගොදුරක් බවට පත්කරා සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි අපිට මේ මතු පිටින් ඇති සමාජය හා සමාන කළු රාජ්‍යක් නිර්මාණය කරලා තියෙනවා. ඔවුන්ට අවි ආයුධ ලැබෙනවා නිත්‍යානුකූල හමුදාවන් විසින්. ඔවුන්ගේ කුඩු ප්‍රවාහනය කරනවා මැඩ පැවැත්වීම සඳහා ඉන්න පොලිසිය විසින්. ඔවුන්ට රැකවරණය දෙනවා එය මැඩ පැවැත්වීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවක් තියෙන දේශපාලනඥ අධිකාරිය විසින්. ඔවුන්ට නීති විරෝධී පාස්පෝට් හදල දෙනවා ඒව වළක්වන්න තියෙන ඉමිග්‍රේෂන් එක විසින්. මෝටර් රථ ලියාපදිංචි කරලා දෙනවා නීත්‍යානුකූලව මෝටර් රථ ලියාපදිංචි කරන්න තියෙන ආයතනය විසින්. එනිසා ඔවුන්ට අපරාධ වලින් ගහන වෙච්චි යටිභිම්බක රාජ්‍යයක් තියෙනවා. අපි ඔබට එකක් කියන්නම්. මේ යටිභිම්බක රාජ්‍ය අපි සහතික වශයෙන් අවසන් කරනවා. එහෙම නැතුව දරුවන්ගේ අනාගතයේ සඳහා රැකවරණයක් සහිත රාජ්‍යක් නිර්මාණය කරන්න බැහැ. දැනට අපි අත්අඩංගුවට අරන් ඉන්න පිරිස අපේ රටේ මත්ද්‍රව්‍ය ජාලයේ සියයට පණහකට වඩා පිරිසක් මෙහෙයවලා තියෙනවා. වෙනත් අපරාධ කල්ලි එක්ක සියයට 75 කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධතා තිබෙනවා. මේ රටේ දේශපාලන අධිකාරියට විවිධ ආකාරයෙන් මුදල් පොම්ප කරලා තියෙනවා. සමහර මන්ත්‍රීවරු මාසේ බදු මුදල ගන්නවා වගේ ගෙදර ගිහිල්ලා සල්ලි අරන් තියෙනවා. සමහර ඇමතිවරු මාස් පතා ගෙදරට ගෙන්න ගෙන තියෙනවා. හෙළිදරව් වෙලා තියෙනවා. ඒ සියල්ල මැඩ පවත්වනවා." යනුවෙන් ද ප්‍රකාශ කළා.