බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

Report

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ජුලි මස 01 වැනිදා තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.

ඒ සඳහා සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව එක්දින සංචිතයට ලිටන් දාස්, මොහොමඩ් නයිම්. ෂම්මි හොසේන්, තන්වීර් ඉස්ලාම් හා හසන් මහමුද් යන ක්‍රීඩකයින් කැඳවා තිබෙනවා.

ගුරු වැටුපේ ප්‍රමාදයක් - ගුරු සංගම්වලින් දැඩි තීරණයක්

ගුරු වැටුපේ ප්‍රමාදයක් - ගුරු සංගම්වලින් දැඩි තීරණයක්

මහමුදුල්ලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාම සහ මුෂ්ෆිකර් රහීම් එක්දින තරගවලින් විශ්‍රාම යාම හේතුවෙන් මෙම වෙනස්කම් සිදු කළ බව ද වාර්තා වනවා.

ප්‍රධාන තේරීම් කමිටු සාමාජික ගාසි අෂ්රෆ් හොසේන් පැවසුවේ ලිටන් මෑතකදී බංග්ලාදේශ 20-20 නායකයා ලෙස නම් කරන ලද නිසා ඔහුට අවස්ථාව ලැබුණු බවයි.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ජුලි 01 වැනිදා කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය මෙහිඩි හසන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා. 

යුද්ධෙ අවුලපු ට්‍රම්ප්ට ඉරාන හමුදාව ඉංග්‍රීසියෙන්ම අමතයි

යුද්ධෙ අවුලපු ට්‍රම්ප්ට ඉරාන හමුදාව ඉංග්‍රීසියෙන්ම අමතයි