ගුරු වැටුපේ ප්‍රමාදයක් - ගුරු සංගම්වලින් දැඩි තීරණයක්

By Hashini Jun 23, 2025 06:14 AM GMT
Report

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසන්නේ ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ජුනි මාසයට අදාළ වැටුප අද (23) දහවල් 12ට පෙර නොලැබුණහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි.

උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල සදහා ලක්ෂයක් බැගින් දිරිදීමනාවක්

උසස් පෙළ විශිෂ්ට ප්‍රතිඵල සදහා ලක්ෂයක් බැගින් දිරිදීමනාවක්

එහි සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි සඳහන් කළේ, සෑම මසකම 20 වැනි දින ගුරුවරුන්ගේ මාසික වැටුප ලබාදීම සිදුවුව ද ජුනි මාසයේ වැටුප මෙතෙක් ලැබී නොමැති බවය.

සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් - 22ක් මරුට

සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් - 22ක් මරුට

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ පසුගිය මාසයේ ද ගුරුවරුන්ගේ වැටුප් ලබාදීම ප්‍රමාද වූ අතර ඊට හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතු බවය.

"මේ 20 වෙනිදා වැටුප් ගෙවීමට අදාළ බැංකුවලට අවශ්‍ය උපදෙස් ලබාදීලා නෑ. ගුරුවරුන්ගේ වැටුප් ගෙවන්නේ කලාප අධ්‍යාපන කාර්යාල හරහා. එයට අවශ්‍ය උපදෙස් ලැබී නෑ. සියලුදෙනා ඉන්නේ වැටුප බලාගෙන. මේක නොලැබුණේ ඇයි කියලා හොයලා බලන්න ඕනේ."

 

ලොව පුරා සිටින ඇමරිකානුවන්ට රතු එළියක්

ලොව පුරා සිටින ඇමරිකානුවන්ට රතු එළියක්