ගෑස් හිඟය අවසන් කරන සැටි සභාපති කියයි
GAS
THESHRA JAYASINGHE
SHORTAGE
LITRO
By Sewvandhi
ලිට්රෝ ගෑස් හිඟය ඉදිරි සතියේදී සම්පූර්ණයෙන්ම දුරු කරන බව ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ සඳහන් කළේය.
මේ වන විට දෛනිකව ගෑස් සිලින්ඩර 85,000 ක පමණ නිපදවා වෙළෙඳ පොළට නිකුත් කිරීමට කටයුතු යොදමින් තිබෙන බවද හෙතෙම කීය.
මෙරට සාමාන්‍යයෙන් දෛනික ගෑස් සිලින්ඩර් ඉල්ලුම 75,000ක් පමණ වන බව පෙන්වා දුන් සභාපතිවරයා පැවසුවේ කිසිදු හිඟයකින් තොරව ඉදිරි සතියේ සිට ඕනෑම ප්‍රමාණයක ගෑස් සිලින්ඩර් ලබා ගත හැකි බවද පැවසීය.
ලබන මාසයේදී ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම සිදුවීමට නියමිත නමුත් ඒ මිලට සමානුපාතිකව ලිට්රෝ ගෑස් මිල ඉහළ නොදමන බවද ඔහු පෙන්වා දුන්නේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |