පෙම් යුවලකගේ නිරුවත් වීඩියෝ සහ ඡායා රූප ලීක් වෙලා..කැත වැඩක් කරන්න ගිය ගොවියෙකුට සිදුවූ දේ..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka Social Media
By Aruna Jul 28, 2023 03:06 AM GMT
Aruna

Aruna

Report

අත්වැරදීමකින් තම ජංගම දුරකතනට ලැබුණු පෙම් යුවළකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවලට මුදා හරින බව පවසමින් තම දුරකථනයට රීලෝඩ් දමා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

ඔහු එම යුවල බිය ගන්වා රුපියල් හයසිය පනහක දුරකතන බිලක් ගෙවන ලෙස දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ, අදාළ සැකකරු ගොටුවෙල ඇල්ල ප්‍රදේශයේ පදිංචි ගොවියෙකු බවයි.

තමාගේ සහ තම පෙම්වතියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් සහ වීඩියෝ දර්ශන කිහිපයක් වැරදීමකින් සැකකරුගේ ජංගම දුරකතන අංකයට ගොස් ඇති අතර එහිදී එම තැනැත්තා දිගින් දිගටම ඒවා අන්තර්ජාලයට යොමු කරන බවට තර්ජනය කරමින් තමන්ගෙන් මුදල් ඉල්ලූ බව අදාළ තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇත.

ReeCha