රාජ්‍ය සේවයේ වෘත්තීය අභිමානය මෙන්ම ස්වාධීනත්වය තහවුරු කිරීමට පෙනී සිටිනවා - ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය

Report

රාජ්‍ය සේවයේ සුරක්ෂිතභාවය වෘත්තීය අභිමානය මෙන්ම නිදහස් හා ස්වාධීන රාජ්‍ය සේවයක් රටතුළ තහවුරු කිරීම වෙනුවෙන් තම සංගමය පෙනී සිටින බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සදහන් කර තිබේ.

එම සංගමය අවධාරණය කරන්නේ ඒ වෙනුවෙන් ගනු ලබන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග සඳහා අඛණ්ඩව සහාය දෙන බවයි.

2007වසරේ දී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ රාජකාරියට බාධා කිරීම සහ තර්ජනය කිරීම ඇතුලු චෝදනාවලට වැරදිකරු වූ පළාත් පාලන දේශපාලන අධිකාරීත්වයක ක්‍රියාකරුවෙකුට වසර පහක් මාස හයක සිර දඩුවමක් නියම කර ඇත වින්දිත නිලධාරියා වෙත රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ගෙවීමටත් හලාවත මහාධිකරණය පසුගියදා නියෝග කර ඇත .

චූදිත පාර්ශ්වයේ දේශපාලන පසුබිම කුමක් වුවත් නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බව සනාථ කරමින් ලබාදුන් මෙම තීන්දුව මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය නැවත සනිටුහන් කරන්නක් බව   පාරිපාලන සේවා සංගමය පෙන්වා දී ඇත .

එක පාරටම පහතට ! රුපියලේ තත්ත්වය බිඳෙයි

එක පාරටම පහතට ! රුපියලේ තත්ත්වය බිඳෙයි

එම සංගමය පෙන්වා දෙන්නේ මේ හරහා අයුතු දේශපාලන බලපෑම්වලින් තොරව රාජ්‍ය නිලධාරීන්ට තම නිල රාජකාරීන් ස්වාධීනව සහ නිර්භයව ඉටු කිරීමට ඇති අයිතිය තහවුරු කර ඇති බවයි.

රාජ්‍ය සේවයේ වෘත්තීය ගරුත්වය කෙළෙසමින් නිලධාරීන් අනීතික ලෙස පාලනය කිරීමට උත්සාහ කරන සියලු පාර්ශ්ව වෙත අධිකරණය ලබාදුන් මෙම පණිවුඩය යහපත් සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක් උදෙසා අත්‍යවශ්‍ය බව ලංකා පරිපාලන සේවා සංගමය ප්‍රකාශ කර තිබේ .