මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

Report

2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, තමන්ගේ තොරතුරු නාම ලේඛනයට ඇතුළත් වී ඇත්දැයි සහ එහි පවතින දත්ත නිවැරදි දැයි පරීක්ෂා කර බැලීමට මේ වන විට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත.

විශේෂයෙන්ම මෙතෙක් ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් වී නොමැති පුද්ගලයන්, තම පදිංචි ලිපිනය, නම හෝ ජාතික හැඳුනුම්පත් අංකයේ සංශෝධන පවතින පුද්ගලයන් මෙන්ම 2009 පෙබරවාරි 01 දිනට පෙර උපන්, අලුතින් ඡන්ද අයිතිය හිමිවන සියලු‍ දෙනා මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුය.

18ට වැඩි සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - මේ දේ නොකොලොත් මාස 6ක සිරදඩුවමක්

18ට වැඩි සියලුම දෙනාට විශේෂ නිවේදනයක් - මේ දේ නොකොලොත් මාස 6ක සිරදඩුවමක්

තමන්ට අදාළ මෙම සංශෝධන නිවැරදිව සිදු කර ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වී තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී අවශ්‍ය විමසීම් සහ කටයුතු සිදු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඡන්ද බලය තහවුරු කර ගැනීම සඳහා නියමිත කාලය තුළ මෙම දත්ත යාවත්කාලීන කර ගැනීම අතිශය වැදගත් වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

විපතට පත් ජනතාවගේ වන්දි සල්ලි අවභාවිත කළ ආපදා සහන නිලධාරියා රාජකාරියෙන් ඉවතට

විපතට පත් ජනතාවගේ වන්දි සල්ලි අවභාවිත කළ ආපදා සහන නිලධාරියා රාජකාරියෙන් ඉවතට