"මල්වානේ ඉඩම අපිටම දෙන්න අගමැතිනිය එකඟයි" - අන්තරේ කියන කතාව
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
අද (18) අග්‍රාමාත්‍යවරිය සමඟ අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවුම්කරු සසිඳු පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.
[BF84JTF
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පැවති සාකච්ඡාවේදී මෙම ඉඩම හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට තීරණය වූ බවත්, ඒ අනුව තමන් ඇතුළු පිරිස එම පරිශ්‍රයෙන් ඉවත්වීමට කටයුතු කරන බවත්ය.
“අග්‍රාමාත්‍යවරිය පොරොන්දු වෙලා තියෙනවා මල්වානේ ඉඩම ඉදිරියේදී හැකි ඉක්මනින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පවරන්න. අපි ඉල්ලපු දේට ආණ්ඩුව පැත්තෙන් ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රතිචාරයත් එක්ක අපි මල්වානේ ඉඩමෙන් මේ මොහොතේ ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා”
යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.