ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන වරම් හිමිවුණේ මෙහෙමයි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා
ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයේදීයි.
එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමඟ ඔවුන්ට මෙම අවස්ථාව උදා වූ අතර අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය අතර තරග වැදීමට නියමිතයි.
මෙහිදී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් දෙකම මෙම වසරේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගයට සුදුසුකම් ලබා ගනු ඇත.
එමෙන්ම ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විෂ්මි ගුණරත්න ලකුණු 45ක් ලබා ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම පන්දුවට පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 134ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 15ක ජයක් හිමි වූ අතර පන්දු යැවීමේ දී චමරි අතපත්තු ලකුණු 28කට කඩුලු 02ක් බිඳ හෙළුවා.
......................................................
May you Like
