ජනපති මන්දිරයේ විදුලි ඉස්ත්‍රික්කය සොරාගත් පුද්ගලයෙක්ට සිදු වූ දේ..

SL Protest Sri Lanka Anti-Govt Protest
By krishani Jul 29, 2022 02:59 AM GMT
krishani

krishani

Report

පසුගිය 09 වනදා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයට අරගලකරුවන් කඩාවැදුණු අවස්ථාවේ දී ජනාධිපති මන්දිරයෙන් විදුලි ඉස්ත්‍රික්කයක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

අදාළ සැකකරු ඊයේ (28) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 05 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර කිරීමට නියෝග කර තිබේ.

මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha