ලංකාවේ රැකියා නිර්මාණය තවදුරටත් ශක්තිමත් නැහැ - ලෝක බැංකුව අනතුරු අඟවයි

By Shehan Dec 17, 2025 05:42 AM GMT
Report

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වර්ධන අනුපාතය ඉදිරි දශකය තුළ ශ්‍රම බලකායට නවකයන් ලක්ෂ 10ක් (මිලියන 1ක්) එක්වීමට අවශ්‍ය රැකියා අවස්ථා නිර්මාණය කිරීමට ප්‍රමාණවත් නොවන බව ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවති.

මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ අරවින්ද් නායර් මහතා ඩේලි මිරර් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ, වර්ධනය මන්දගාමීව පැවතුණහොත් සැබෑ රැකියා පරතරයක් (employment gap) ඇතිවීම අනිවාර්ය බවයි.

ආයේ මේ අයට ඇමරිකාවට යන්න බෑ - රටවල් 6කට තහනම්

ආයේ මේ අයට ඇමරිකාවට යන්න බෑ - රටවල් 6කට තහනම්

“ඉදිරි දශකයේදී ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 10ක් පමණ ශ්‍රම බලකායට එක්වේ. වත්මන් වර්ධන රටාව යටතේ නිර්මාණය වන රැකියා එම අවශ්‍යතාවයට සැලකිය යුතු ලෙස අඩුය. එබැවින් පෞද්ගලික අංශයේ ආයෝජන තුළින් රැකියා නිර්මාණය වේගවත් කිරීම අත්‍යවශ්‍යය”

ඔහු අවධාරණය කළේය.

මෙම වර්ෂය සඳහා ලෝක බැංකුව සියයට 3 සිට 4 දක්වා වර්ධනයක් පුරෝකථනය කර තිබේ.

එමෙන්ම දරිද්‍රතාවය අර්බුදයෙන් පසු දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවත්, එය ප්‍රතිවර්තනය කිරීමට ඉහළ වර්ධනයක් පූර්ව අවශ්‍යතාවක් බවත් නායර් මහතා සඳහන් කළේය.

ආගමික ස්ථානවල ආරක්ෂාව තරකිරීමට හදිසි පියවරක්

ආගමික ස්ථානවල ආරක්ෂාව තරකිරීමට හදිසි පියවරක්

“වර්ධනය මූල්‍ය ස්ථායිතාවයට පමණක් නොව, රැකියා සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ද අත්‍යවශ්‍යය”

යනුවෙන් ඔහු පැවසීය.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කළමනාකරු ශ්‍රිති ලක්තාකියා මහත්මිය ද මෙම අදහසට එකඟ වෙමින් පැවසුවාය;

“අර්බුදය ආරම්භයේ සිට මූල්‍ය සහ බාහිර අංශ දෙකෙහිම ස්ථායිතාවයක් ඇති වී තිබේ. එය ධනාත්මක ලකුණකි. කෙසේ වෙතත්, ඉහළ සහ තිරසාර වර්ධනයකට පෙර මෙම ස්ථායිතාවය ආරක්ෂා කර ගත යුතුය”

“IMF වැඩසටහන යටතේ 2032 වන විට ණය අනුපාතය GDPයේ සියයට 95 දක්වා අඩු කිරීමේ ඉලක්කයට සියයට 3ක වර්ධනයකින් පවා තාක්ෂණිකව ළඟා විය හැකිය. නමුත් එම මට්ටමේ වර්ධනයකින් රජයට ඉතා ඉහළ මූල්‍ය කප්පාදුවක් (fiscal austerity) පවත්වාගෙන යාමට සිදුවේ. එය දිගුකාලීනව තිරසාර නොවේ. විශේෂයෙන් අනපේක්ෂිත කම්පනවලට (shocks) ප්‍රතිචාර දැක්වීමට රජයට මූල්‍ය අවකාශයක් (fiscal space) අවශ්‍යය.”

“එබැවින් ශ්‍රී ලාංකික ජනතාවගේ අභිලාෂයන් සපුරාලීමට සහ රැකියා, දරිද්‍රතා අඩුකිරීම වැනි සමාජ අරමුණු සාක්ෂාත් කරගැනීමට වත්මන් වර්ධන මට්ටම ප්‍රමාණවත් නැත” 

ලෝක බැංකු විශේෂඥයින්ගේ මෙම අනතුරු ඇඟවීම ආර්ථික ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේදී ඉහළ සහ තිරසාර වර්ධනයකට ප්‍රමුඛත්වය දීමේ අවශ්‍යතාවය යළිත් තහවුරු කරයි.

අධිකරණයට යන්න කියන්නකෝ.. බොරු පුවත් කියපු අයටත් එන්න වෙයි - නලින්දගෙන් මාධ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීමක්

අධිකරණයට යන්න කියන්නකෝ.. බොරු පුවත් කියපු අයටත් එන්න වෙයි - නලින්දගෙන් මාධ්‍ය ආයතනවලට අනතුරු ඇඟවීමක්