සජබේ ලොක්කෙක් හරක් හොරකමකට බන්ධනාගාර ගත කරයි
කන්තලේ සහ සේරුනුවර ප්‍රදේශවලින් මී ගවයන් හය දෙනෙකු සොරකම් කිරීම හේතුවෙන් ත්‍රිකුණාමලයේ සමගි ජන බලවේගය පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වන ටර්නි සමන්, අත්අඩංගුවට ගෙන පසුව සැප්තැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මුතූර් මහෙස්ත්‍රාත් තස්ලිමා මොහොමඩ් ෆවුසාන් මහත්මිය නියෝග කළාය.
අත්අඩංගුවට පත් ටර්නි සමන් මහතා සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කන්තලේ ප්‍රාදේශීය සභාවේ පක්ෂ කණ්ඩායම් නායකයා ලෙස පත්වීමෙන් පසු සභාපති ධුරය ලබාගැනීම සඳහා දැඩි උත්සාහයක් ගෙන තිබෙන බවට වාර්තා වේ.
ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස ද සේවය කර ඇත.
