මෙරට ප්‍රථම වතාවට බිහි වූ සය නිවුන් දරුවන් රෝහලෙන් පිට වෙයි..ඔවුන්ගේ නවතම වීඩියෝව මෙන්න..(VIDEO)

SIX TWINS TIRAN DIAS COLOMO DILINI VASANA
By Sewvandhi Nov 20, 2021 12:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට ප්‍රථම සය නිවුන් දරු උපත සිදුවී (19) මාසක කාලයක් සම්පූර්ණ වෙන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳුන් මේ වන විට සිය නිවසට යෑමට සුදානමින් සිටී. කොළඹ නයින්වෙල්ස් රෝහලේ දී පසුගිය ඔක්තෝබර් මස 21 වනදා මෙලොව උපත ලැබු බිළිඳුන් අද වන විට නිරෝගි සුවයෙන් පසු වේ.

කොළඹ අයි.ඩී.එච්. ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි දිලිනි වාසනා නම් මවකට දාව උපන් දරුවන් පිළිබඳ ඇය අපට පැවසුවේ මෙවන් අදහසකි.

"මං හිතන්නේ මේක තමා ලෝකේ තියෙන ලොකුම සතුට. ඒක ඉතින් මේ දවස්වල හොඳටම විඳිනවා. " ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ටිරාන් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණු එම සිසේරියන් සැත්කමට වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 40ක් සහභාගිවීම විශේෂත්වයකි.

දරු ප්‍රසූතිය මධ්‍යම රාත්‍රී 12.16 සිට ආරම්භ වූ අතර මිනිත්තු තුනක කාලයක් තුළ ගැහැණු දරුවන් තිදෙනකු සහ පිරිමි දරුවන් තිදෙනකු මෙලොව එළිය දුටුවේය.

පළමුව ගැහැණු දරුවෙකු සහ පිරිමි දරුවෙකුත්, 12.17ට පිරිමි දරුවන් දෙදෙනෙකු සහ රාත්‍රී 12 පසුවී මිනිත්තු 18ට තවත් ගැහැණු දරුවන් දෙදෙනෙකු වශයෙන් දරු උපත සිදුවී තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW