අධ්‍යාපන පද්ධතියේ ගැටළු විසඳන්න අනු කමිටු 06ක් පත් කරයි

Report

අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටලු විසදීම සදහා අනු කමිටු 06ක් පත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ මෙම අනුකමිටු සියල්ල අධ්‍යාපන, අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් පත් කර ඇති බවයි.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍රට අධි චෝදනා

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍රට අධි චෝදනා

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද අනු කමිටු, පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ගුණාත්මකභාවය පිළිබදව මෙන්ම අතරමැදි ශ්‍රේණි සදහා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම පිළිබද අනු කමිටුව ද ඊට ඇතුළත් වනවා.

මීට අමතරව උසස් අධ්‍යාපන අංශ පිළිබද අනු කමිටුව, අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබද අනු කමිටුව සහ නිපුණතා අධ්‍යාපන අංශ පිළිබද අනුකමිටුව ද පත් කරන ලද අනුකමිටු වලට ඇතුලත්.

ඇමරිකාවට ඇතුළුවෙන්න තහනම් කරපු ජාතිකයින් මෙන්න

ඇමරිකාවට ඇතුළුවෙන්න තහනම් කරපු ජාතිකයින් මෙන්න