තමන්ටම ආවේණික වූ ගායන හැකියාවකින් ප්‍රේක්ෂකයන් පිනවූ සංගීත ලොව තවත් පහනක් නිවී යයි

Report

දශක ගණනාවක් පුරා තමන්ටම ආවේණික වූ ගායන විලාසයකින් සහ මිහිරි ගීත පෙළකින් ලාංකීය රසික හදවත් පිනවූ, "ධර්මරත්න සහෝදරයෝ" කණ්ඩායමේ සාමාජිකයෙකු වූ මැක්ස්වල් ධර්මරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2026 අප්‍රේල් මස 19 වන දින. එනම් ඊයේ දින සවස් භාගයේදී සිදු වූ මෙම අවාසනාවන්ත සමුගැනීම, මෙරට සංගීත ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක් ඉතිරි කර ඇත.

මුළු රටක් හඬවන දැදුරු ඔයේ ඛේදවාචකය - එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු ජීවිත 8ක් දැදුරු ඔය පතුලේ සැඟව ගිය හැටි

මුළු රටක් හඬවන දැදුරු ඔයේ ඛේදවාචකය - එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු ජීවිත 8ක් දැදුරු ඔය පතුලේ සැඟව ගිය හැටි

"ධර්මරත්න සහෝදරයෝ" යන නාමය ලංකාවේ සංගීත ඉතිහාසයේ රන් අකුරින් ලියැවීමට ඔහුගෙන් ලද සුවිශේෂී දායකත්වය ද හේතු විය.

අද, එනම් අප්‍රේල් මස 20 වන සඳුදා පෙ.ව. 9.00 සිට පසුදින (21) ප.ව. 3.00 දක්වා රාගම, පේරලන්ද හංදියේ පිහිටි ඩී.එම්. අවමංගල්‍ය ශාලාවේ මෘතදේහය තැන්පත් කර ඇති බව සඳහන්.

එමෙන්ම අප්‍රේල් මස 21 වන අඟහරුවාදා පස්වරු 4.00 ට හැඳල, කෙරවලපිටිය පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බව දන්වා ඇත.

පවුල් ආරවුලක් දුරදිග ගොස් දරුවන් අටදෙනෙකු ජීවිතක්ෂයට

පවුල් ආරවුලක් දුරදිග ගොස් දරුවන් අටදෙනෙකු ජීවිතක්ෂයට

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි