වැඩිමහල් සහෝදරයා සමග එක ඇදේ නිදා සිටි මාස හයේ බිළිඳියට සිදු වූ විපත..

By Piyumika Feb 01, 2025 07:20 AM GMT
Report

නිවසේ නිදා සිටි කුඩා බිළිඳියක් වැඩිමහල් සහෝදරයාගේ ඇඟට යට වී අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් කළුතර, වෙනිවැල්කැටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නව ජනපතිගේ ක්‍රියා නිසා ඉදිරියේදී භාණ්ඩ මිල ගණන් ඉහළ යනු ඇතැයි අනතුරු ඇගවීම් ..

නව ජනපතිගේ ක්‍රියා නිසා ඉදිරියේදී භාණ්ඩ මිල ගණන් ඉහළ යනු ඇතැයි අනතුරු ඇගවීම් ..

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාස 06ක විනුල්යි දිහාක්‍යා නැමැති බිළිඳියක් බවයි වාර්තා වුණේ.

බිළිඳිය නිවසේ නිදා සිටිය දී ඇයගේ වැඩිමහල් සහෝදරයා ද ඒ අසල නිදාගෙන සිට ඇති අතර, එම අවස්ථාවේ සහෝදරයාගේ ඇඟට කුඩා බිළිඳිය යට වී තිබෙනවා.

එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ බිළිඳිය කළුතර – නාගොඩ ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

නව රජය බලයට පත්වීමෙන් පසු හතරවන සභාපතිත් ඉල්ලා අස්වෙයි..

නව රජය බලයට පත්වීමෙන් පසු හතරවන සභාපතිත් ඉල්ලා අස්වෙයි..

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

You may like this video