බුත්තල - මොණරාගල දෙදරයි - බිහිසුණු අනතුරක් - 6ක් රෝහලේ
බුත්තල - මොණරාගල ප්රධාන මාර්ගයේ මහගොඩයාය ප්රදේශයේ දී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අද (24) දින උදෑසන අනතුරක් සිදු වී ඇත.
ඒ අනුව මෙම අනතුරින් මේ වන විට පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා මොණරාගල දිස්ත්රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙන බව සඳහන්.
වැල්ලවාය සිට මොණරාගල දක්වා ධාවනය වූ ලංගම බස් රථය මඟීන් බැස්වීමට මහගොඩයාය ප්රදේශයේ නතර කිරීමේ දී පසුපසින් පැමිණි මාතර සිට අම්පාර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථය ලංගම බස් රථයේ පසුපස ගැටී මෙම අනතුර සිදු වී ඇති බව පවසයි.
ඒ අනුව අනතුර සම්බධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.