හැටන්ඔය පිටාර ගලා පිලිහතර ප්‍රදේශයේ නිවාස 30ක් යටවෙයි - ජලය සහ මඩ අඩි 3-4ක් උසට

Report

හැටන් ඔය පිටාර ගැලීම හේතුවෙන් හැටන් පිලිහතර ප්‍රදේශයේ නිවාස 30කට ආසන්න සංඛ්‍යාවක් ජලයෙන් යටවී තිබේ. අදාළ නිවාස තුළ අඩි 3ත් 4ත් අතර උසකට වැසි ජලය සහ මඩ පිරී තිබූ බව වාර්තා වේ.

එම නිවාසවල සිටි පදිංචිකරුවන් දැඩි පරිශ්‍රමයක් දරා මුදාගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කර තිබේ. හැටන් ඔයට ජලය බැස යන ඇළ මාර්ගය අවහිර වීම හේතුවෙන් එය පිටාර ගැලීමෙන් මෙම තත්ත්වය උද්ගත වන බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම ගැටලුව හේතුවෙන් තම නිවාස දිගු කලක සිට වරින් වර ජල ගැලීම්වලට ලක්වන බව ද ඔවුහු සඳහන් කරති. එමෙන්ම, මෙවර ජල ගැලීම හේතුවෙන් නිවාස තුළ තිබූ පෞද්ගලික භාණ්ඩ රැසක් විනාශ වී ඇති බව පීඩාවට පත් ජනතාව වැඩිදුරටත් පවසති.

අද සිදු වූ අවාසනාවන්ත සිදුවීම - බස් රථ තුනටම දැඩි හානි සිදු කරමින් මගීන් රෝහල්ගත කළ මැදවච්චියේ අනතුර

අද සිදු වූ අවාසනාවන්ත සිදුවීම - බස් රථ තුනටම දැඩි හානි සිදු කරමින් මගීන් රෝහල්ගත කළ මැදවච්චියේ අනතුර