සුන්දර සිරිපා සමය හෙටින් ආරම්භ කරන්න සියල්ල සූදානම්..වැඳපුදා ගන්න යන අයට පණිවුඩයක්.
Ratnapura
Buddhism
By Aruna
2023– 2024 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භයට සමගාමීව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහ විහාරස්ථානයේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කරවීම ආරම්භ කර තිබෙනවා.
සතර පෙරහැරක් ඔස්සේ සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව උඩ මළුව දක්වා වැඩම කරවීම අද (25) අලුයම ආරම්භ කළ බවයි ගගන අප වාර්තාකරුවන් පැවසුවේ.
උඳුවප් පුර පසලොස්වක්වක් පොහොය දිනය වන හෙට (26) අලුයම වන විට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද උඩ මළුව දක්වා වැඩම කරවීමෙන් පසු 2023– 2024 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වීමට නියමිතයි.
හෙටින් ආරම්භ වන සිරිපා සමයේ වැඳපුදා ගන්නට පැමිණෙන සියලු බැතිමතුන් පරිසරයට හානියක් නොකර පොලිතින් ප්ලාස්ටික් වැනිදෑ නිසි ස්ථාන වලට බැහැර කරමින් වඩාත් අර්ථාන්විතව කටයුතු කරන්නට වඟබලා ගන්න.
