සයිනොෆාම් එන්නත් මාත්‍රා අද අලුයම මෙරටට(VIDEO)

COVID19 SINOPHARM CHINA GOVERMENT PAVITHRA WANNIARACHCHI NAMAL RAJAPAKSHA
By Sewvandhi May 26, 2021 01:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

චීන රජය ප්‍රාදානය කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද (26) අලුයම මෙරටට රැගෙනවිත් තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් අදාළ එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව වාර්තාකරු සඳහන් කළේය.

චීන රජයේ ප්‍රදානයක් ලෙස මීට පෙර ද ශ්‍රී ලංකාවට එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් හිමිව තිබුණි. මෙරටට රැගෙන ආ එන්නත් තොගය භාරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවද ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

මෙරට චීන තානාපතිවරයා විසින් අදාළ එන්නත් තොගය ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාරදීම කටුනායක ගුවන්තොටුපොළේ දී සිදුකර තිබේ.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, චීනය නිෂ්පාදනය කරන සයිනෝවැක් එන්නත මෙරට නිෂ්පාදනය කිරීම සඳහා මේ වනවිට මුලික ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now