වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට තවත් ඉන්ධන මිල සංශෝධනයක් - ඒ අනුව මිල වෙනස් වන්නේ මෙහෙමයි.

Fuel Price In Sri Lanka Sri Lanka
By krishani Nov 01, 2023 01:35 AM GMT
krishani

krishani

Report

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි Sinopec සමාගම ද ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනයට අනුවයි.

ඒ අනුව රුපියල් 358ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 2 කින් පහළ දමා ඇත.

එහි නව මිල වන්නේ රුපියල් 356 ක් ය.

එමෙන්ම රුපියල් 420ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 423 ක් ය.

රුපියල් 348ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල වන්නේ 356 ක් ය.

රුපියල් 417ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 14කින් ඉහළ ගොස් එහි නව මිල වන්නේ රුපියල් 431 ක් ය.

කෙසේ වෙතත්, ඒ අනුව මෙම මිල සංශෝධනයට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් හා සමානවම සිනොපෙක් සමාගමේ ද ඉන්ධන මිල සමාන වේ.

ReeCha