ප්‍රසිද්ධ සිංහල මහාචාර්යවරයෙකු කොවිඩ් ආසාදිතව ඇඳවැටී මිය යයි.

Covid Mathara Ruhunu Campuse Kirinaliya Gamage amarasekara
By Aruna Nov 25, 2021 03:38 AM GMT
Aruna

Aruna

Report

සිංහල අධ්‍යනාංශයේ ජේෂ්ඨ මහාචාර්යවරයෙකු වු කිරිනැලිය ගමගේ අමරසේකර මහතා කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පෙරේදා (23) සිය නිවස තුල ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාතර මහ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

රුහුණ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජේෂ්ඨ මහාචාර්යවරයෙකු වු මොහු මාතර ගොඩගම පන්ථාරාම මාවතේ පිහිටි සිය නිවසේ නිදන ඇද අසල ඔහු ඇද වැටී මිය ගොස් තිබුණි.

මිය යන විට 65 වැනි වියේ පසු වු ඒ මහතා එක් දරු පියෙකි.

ඔහුගේ පුත්‍රයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර බිරිද එම දරුවා සමග එම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචි වී සිටින බවත් ජේෂ්ඨ මහාචාර්යවරයා පමණක් නිවසේ තනිවම සිට ඇති බවත් දැන ගන්නට ඇත.

කෙසේ වෙතත් ඔහු මීට ඉහත දී මිය ගිය තම දෙමාපියන්ට පිං පිණිස ඉකුත් 22 වැනිදා හා ඊට දින කිහිපයකට පෙර හක්මන මී ඇල්ල සහ දෙවිනුවර ආදී ප්‍රදේශ කිහිපයකට ගොස් ගැබිණි මව්වරුන් වෙනුවෙන් ගෙන් ගෙට ගොස් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පාර්සලයක් ආධාරයක් වශයෙන් බෙදා දී තිබෙන බව ඒ පිළිබඳව පැවැත්වු හදීසී මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.

එය ඉතාමත් අවධානම් සහගත තත්වයක් බවත් පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගෙන් තොරතුරු ලබා ගෙන ගෙන් ගොස් තිබෙන බවත් එවැනි කටයුතු වලට අවසර ලබා දීම මෙවැනි තත්වයක් සිදු නොවිය යුතු බවත් මාතර නාගරික හදීසී මරණ පරීක්ෂක ටී.එම්.ලලිත් ද සිල්වා මහතා ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට අවවාද කරමින් කියා සිටියේය.

කෙසේ වෙතත් අදාල සිරුර මාතර මහ රෝහල වෙත රැගෙන යාමට නාගරික හදීසී මරණ පරීක්ෂකවරයා පොලීසියට නියෝග කල අතර ඒ අනුව සිරුර රැගෙනවිත් සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පෙර දින ජේෂ්ඨ මහාචාර්යවරයා අම්බලන්තොට පදිංචි සිය නැගණියට දුරකතන ඇමතුමක් දී තවත් ගැබිණි මව්වරුන්ට ආධාර බෙදා දීම සදහා පාර්සල් සකස් කිරීමට පැමිණෙන ලෙස දන්වා ඇත.

ඉන් පසුව ඇය ලබා ගත් දුරකතන ඇමතුම්වලට ජේෂ්ඨ මහාචාර්යවරයා ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර ඔහු ගැන සොයා බැලීමට පෙරේදා (23) සවස එම නිවසට පැමිණ බලන විට මිය ගොස් සිටි අයුරු දැක ඇත.

සෞඛ්‍ය අංශ වල මැදිහත්වීම මත ජේෂ්ඨ මහාචාර්යවරයාගේ අවසන් කටයුතු මාතර ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතව තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now