රුපියල් 3998/- ට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20 කින් සමන්විත භාණ්ඩ මල්ලක් සතොසෙන්

customers relief package trending news gagana news sri lanka sinhala news today hot news
By krishani Jan 14, 2022 08:04 AM GMT
krishani

krishani

Report

සුපිරි සම්බා සහල් කිලෝ 10ක් ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20කින් සමන්විත භාණ්ඩ මල්ලක් රු.3998/=කට ලංකා සතොසෙන් ලබා දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

ඒ අනුව පහත ද්‍රව්‍ය 20 එම සහන මල්ල තුළ අනතර්ගත වනවා.

01) සුපිරි සම්බා කිලෝ 10ක්

02) සුදු සීනි කිලෝවක්

03) රතු පරිප්පු කිලෝවක්

04) ඉඳිආප්ප පිටි කිලෝවක්

05)හාල්මැස්සන් ග්‍රෑම් 500ක්

06) නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්

07) මේස ලුණු ග්‍රෑම් 400ක්

08) පොල්ගෙඩි 2ක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්)

09) මිරිස් කුඩු ග්‍රෑම් 100ක්

10) ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100ක්

11) තුනපහ කුඩු ග්‍රෑම් 100ක්

12) කහ කුඩු ග්‍රෑම් 100ක්

13) STC තේකොළ ග්‍රෑම් 100ක්

14) ඇඟ ගල්වන සුවඳ සබන් ග්‍රෑම් 80 කැටයක්

15) සතොස සඳුන් සබන් කැටයක්

16) දෑත් සෝදන දියර මිලිලීටර් 100ක්

17) සෝයාමීට් ග්‍රෑම් 90ක්

18) සතොස TFM අගය සහිත රෙදි සෝදන සබන් කැටයක්

19) පපඩම් පැකට් 1ක්

20) ශල්‍ය මුහුණු ආවරණ 10ක්

වෙළෙඳපොල සමීක්ෂණයකට අනුව, අනෙකුත් සුපිරි වෙළෙඳසැල් ජාල වලින් මෙම භාණ්ඩ වර්ග 20 මේ ප්‍රමාණයන්ගෙන්ම ලබා ගන්නා විට රු.6521/=, රු.5834/=, රු.5771/= ක් වශයෙන් ගෙවීමට සිදු වූ බවත්, මෙම භාණ්ඩ මල්ල රු.3998/=ක මුදලකට පාරිභෝගිකයා විසින් ලබා ගන්නා විට අවම වශයෙන් රු.1750/=ක වාසියක් ලැබිය හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

ලංකා සතොස අළෙවිසැල් නොමැති ප්‍රදේශ වල ජනතාවට ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් මෙම භාණ්ඩ මල්ල නිවසටම ගෙන්වා ගත හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම නවීන තාක්ෂණය යටතේ දේශීය ව්‍යවසායකයෙකු විසින් සකස් කර අපනයනය කරනු ලබන දියර පොල් කිරි පැකැට්ටුවක් ද මෙම සහන මල්ලට ඇතුළත් කිරීමට හැකියාව ලද බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ඒ අනුව ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පොල්ගෙඩි දෙකක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්) රු.150/=ක සහනමිලට පාරිභෝගිකයා වෙත නිකුත් කෙරෙන බව ද සඳහන් කළා. 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now