පොලිස් හැඳුනුම්පත පෙන්වා ස්පා ගිය SIට බිරිඳගෙන් ලැබුණු සප්‍රයිස් එක. - දෙදෙනාගේම පැටිකිරිය එළියට.

Sri Lanka Police Sri Lanka
By Wayomi Jul 27, 2023 06:36 PM GMT
Wayomi

Wayomi

Report

ස්ථානාධිපතිවරයෙකුට මාළඹේ, තලාහේන ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයකදී ගුටි පූජාවක් ලැබී ඇති බව වාර්තා වෙනවා.

නුගේගොඩ කොට්ඨාසයේ පොලිසියක දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයකු වන මොහු පසුගිය සතියේ දිනක මෙම සම්භාහන මධ්‍යස්ථානයට ගොස් පොලිස් නිල හැඳුනුම්පත ද පෙන්වා තමා සම්භාහනය කරවාගැනීම සඳහා එහි සිටි රූමත් තරුණියක රැගෙන ගොස් තිබෙනවා.

මේ බව සම්භාහන මධ්‍යස්ථානයේ සිටි කාන්තාවක විසින් ඔහුගේ බිරිඳට දැනුම් දී ඇත.

පසුව ඇය පැමිණ සැමියාට සහ ඔහු සම්භාහනය කරමින් සිටි කාන්තාවට පරුෂ වචනයෙන් බැණ වැදී පහරදී ඇති අතර මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ ද සම්භාහන මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන ගිය තැනැත්තියක බවත් පෙර විවාහයේ දරු දෙදෙනකු ද සිටින ඇය මෙකී උප පොලිස් පරීක්ෂකවරයාට වඩා අවුරුදු 10කින් පමණ වැඩිමහල් තැනැත්තියක් බවත් සඳහන්.

එමෙන්ම මෙම කාන්තාව උප පොලිස් පරීක්ෂකවරයා සමග විවාහ වීමට පෙර බස්නාහිර පළාතේ උසස් පොලිස් නිලධාරියකුගේ හිතවතියක බවත් මීට මාස තුනකට පෙර සිය සැමියාට ලැබුණු ස්ථාන මාරුව එම උසස් පොලිස් නිලධාරියා ලවා අවලංගු කරවාගෙන ඇති බවත් පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයෙන් ඒ පිළිබඳ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා. 

ReeCha