දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය රියදුරන් හිඟයක්.

Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By Hashini Nov 02, 2023 03:26 AM GMT
Hashini

Hashini

Report

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය රියදුරන් 150කගේ හිඟයක් මේ වන විට පවතින බවයි.

එම හේතුව මත දුම්රිය ගමනාගමනයට බාධා ඇති වන බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ ඇතැම් රියදුරන් නිවාඩු නොගෙන රාජකාරි සිදු කරන බවයි.

එසේම ධාවන කටයුතු සඳහා උසස් වීම් ලබාදී යොමු කළද දුම්රිය රියදුරු හිඟය දෙපාර්තමේන්තුවට ප්‍රධාන ගැටළුවක් වී තිබෙන බව ද ඔහු ප්‍රකාශ කරනවා.

නව දුම්රිය රියදුරන් බඳවා ගනු ලැබුවද ඔවුන් පරිපුර්ණ රියදුරෙකු ලෙස පත් කිරීමට වසර 4ක කාලයක් ගත වන බව ද වාර්තා වනවා. 

ReeCha