වැල්ලවත්ත උණුසුම් කරමින් බිහිසුණු වෙඩි තැබීමක්..

Report

වැල්ලවත්ත - රාමක්‍රිෂ්ණා මාවතේ පිහිටි හෝටලයක අද (26) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි, පොලිසිය සඳහන් කළේ.

පොලිසිය වැඩිදුරටත් සදහන් කළේ, වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර හෝටලයේ දේපළවලට හානි සිදුව ඇති බවයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, වැල්ලවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.