අවුරුදු 70ක් හරක් ටික රට කෑවා, පුලුවන් නම් රටින් යන්න - ශිහාන් මිහිරංග කියූ සැර කතාව (PHOTOS)
රියැලිටි වේදිකාවක් තුළින් සංගීත ක්ෂේත්රයට පැමිණිලා අද වෙනකොට තරු බිහි කරන රියැලිටි වේදිකාවක විනිසුරුවරයෙක් දක්වා පැමිණි අපූරු චරිතයක් තමයි ෂෙහාන් මිහිරංග. ඔහු මේ වන විට ගායන ශිල්පියෙක් විදිහට අපූරු ගමනක් ඇවිත් තිබෙනවා.
ඉතින් පසුගිය දවසක ඔහු හිරු ස්ටාර් වේදිකාව තුළ ගායනයක් ඉදිරිපත් කරපු තරඟකාරියකට එකට අපූරු ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. ඇය ඒ තරගයට ඉදිරිපත් වෙලා තිබ්බේ තමන්ගේ අම්මත් සහෝදරියත් එක්ක. පියා විදේශගත වෙලා සිටින නිසාවෙන් තරඟය බලන්නට පැමිනෙන්න අපහසු වුණා කියලා තමයි එහිදී සඳහන් කෙරේ.
කොහොම වුණත් මේ හේතුව මුල් කරගෙන ෂෙහාන් මිහිරංග ඔහු පිළිබඳ වත් කරුණු ඉදිරිපත් කරනවා. 96 වසරේදී තමයි ශෙහාන්ගෙ තාත්තත් ඔවුන්ව අතහැරලා විදේශගත වන්නේ ඒ පවුලේ නඩත්තුව පිණිස මුදල් සොයා ගැනීම සඳහා.
.මෙහිදී ඔහු සඳහන් කරන කාරණයක් තමයි ලංකාවේ වසර 70ක පමණ දේශපාලන කාලය තුළදී දේශපාලනඥයා ලංකාවට කරපු දෙයක් නැතැයි කියන කාරණාව. මේ හේතුව නිසාම තමයි බොහෝ දෙමව්පියන් රට අතහැරලා මුදල් සොයන්නට විදේශගත වන්නේ.. දරුවන්ට ඔවුන්ගේ දෙමව්පියන්ව ඈත් කරන්නට සිද්ධ වෙන්නේ මේක හේතු කරගෙන.
ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට විදේශ ගත වෙන්නට බැහැ ඔවුන්ගේ හිතුමනාපෙට. ඔවුන්ට සල්ලි තියෙන්න ඕනේ. දෙමව්පියන්ට ඔවුන්ගේ දරුවන්ව විදේශ ගත කරල ඔවුන්ට උසස් අධ්‍යාපනයක් ලබා දෙන්නට නොහැකියාවක් තියෙනවා. ඒත් එක්කම දෙමව්පියන්ට ඔවුන්ට හිතුන වෙලාවක දරුවන්ව බලන්න පිටරටකට ගිහිල්ල එන්න බැහැ. එහෙම පුළුවන් පිරිසකුත් ලංකාවෙ ඉන්නවා. ඒ බොහොම අතලොස්සක්.
ඒත් එයට ඇතුළත් නොවන අනිත් බහුතර මිනිස්සුන්ට මොකද කරන්නේ? ඉතින් 70 වසරක දේශපාලනය තුළ ඉත්තකු බවට පත් වූ ලංකාවේ මිනිස්සුන්ගෙ අනාගතය මොන ආකාරයද කියන කාරණාවත් ඔහු මතක් කරනවා.ඒ නිසා පොඩි කාලේ පටන් වසර ගණනාවක් තිස්සේ ලංකාව හඳුන්වන්නේ දියුණුවෙමින් පවතින රටක් විදියට. නමුත් එය වෙනස් කරන්න ඕනෙ කියන කාරණාවත් ඔහු මතක් කරනවා. කෙදිනකවත් දියුණු නොවන රටක් විදිහට ඔහු එම වැඩසටහනේ දී ලංකාව හඳුන්වා දෙනවා.
එය කොතෙක් දුරට සාධාරණද කියන කාරනාව ගැන කතා කරන විට පවුල් දේශපාලනය ඇතුලෙ ඔවුන් හිමි කර ගත්ත දේවල් ලංකාවේ සාමාන්‍ය මිනිස්සු විදිහට නොලැබේ යන හේතුව මත ලංකාවෙන් ඈත් වීම කොතෙකුත් දුරට අනාගතය පිණිස හේතු සාධකයක් වෙනවා ද කියන කාරණාවත් වැදගත් සාධකයක් බවට පත්වනවා. මොකද ලංකාවේ ආර්ථිකය අතින් සමෘද්ධිමත් වෙන්නට සාමාන්‍ය පුද්ගලයෙකුට නොහැකි තාවය්ක් තියෙනවා.
ඒ වෙනුවෙන් ඔවුන්ට විදේශයක රැකියාවක් හෝ අධ්‍යාපනයක් ලබා ගත යුතුයි. ඉතින් එම වැඩසටහනට සම්බන්ධ වෙලා හිටපු වයස අවුරුදු 14ක් පමණ වන දියණිය සහ ඇගේ මව වේදිකාවේ තබා ගනිමින් ශිහාන් මේ වදන් කිහිපය ඉදිරිපත් කරනවා. ඉතින් ශිහාන්ගේ පියා සහ මව මේ වන විටත් ඉන්නේ විදේශගතව. එවැනිම තත්ත්වයක් තමයි මෙම තරගකාරියටත් ඇති වෙලා තිබෙන්නේ.
ඇයගේ පියා විදේශගතව සිටින්නේ ඔවුන්ට නිසි අධ්‍යාපනයක් සහ ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට ඔවුන්ව රැගෙන යාම පිණිස. ඉතින් ශිහාන් මිහිරංග කියා සිටින්නේ මෙම පවුලට පුලුවන්නම් ඔවුන්ගේ පියා ගාවට වූ ඩුබායි රාජ්‍යයට රැගෙන යන්නට පියාගෙන් අවසර ඉල්ලන්න කියලා. මොකද ලංකාවක් තුළ තවදුරටත් මිනිස්සුන්ට පෞද්ගලික වශයෙන් දියුණුවක් ළඟා කරගන්නට නොහැකි මට්ටමක තමයි තියෙන්නේ. ඔහු කියන විදිහට ලංකාව කියන රට කවදාවත් දියුණු වෙන්නේ නැති රටක්.හැමදාම දියුණුවෙමින් පවතින රටක් කියන මට්ටමේ හිටපු අපිට තවදුරටත් ඒ පිළිබඳ බලාපොරොත්තුවක් තියා ගන්නට නොහැකි බව ඔහුගේ සටහනෙන් අපිට පැහැදිලි වෙනවා.
. රටක ජනතාව විදියට අපිට තේරුම් ගන්නට පුළුවන් කාරණාවක් තමයි දශක ගණනාවක් තිස්සේ ලංකාවේ දේශපාලනඥයන් ලංකාව තබපු තැන සහ මිනිස්සුන්ව ගොනාට අන්දපු ආකාරය පිළිබඳව අනිවාර්යෙන් කතා කළ යුතුමයි. ගොළුවන් බිහිරන් සේ ජනතාව තවදුරටත් රැඳී සිටීම හේතු සාධක කරගෙන තමයි දේශපාලනඥයන්ට මෙසේ ඔවුන්ට හිතුමනාපේ කටයුතු කරන්නට වෙලා තියෙන්නෙ.
රටක ජනතාව විදිහට සමෘද්ධිමත් ඉතිහාසයක ආඩම්බර හිමිකරුවන් විදියට අපිට අනාගතයේ පිළිබඳ එවැනි අදහසක තවදුරටත් රැඳෙන්නට බැහැ මොකද රටක් විදිහට අපි යම් අසරණ දිළිඳුභාවයට පත් වෙලා තිබෙන්නේ. අනාගත පරම්පරාවන් තවදුරටත් එසේ ම දිළිඳු භාවයකට පමුණවා ද කියන කාරණාව තිබෙන්නේ වර්තමාන පරම්පරාව අතේ.
ප්‍රසිද්ධ නාලිකාවක ප්‍රසිද්ධ වැඩසටහනක මෙවැනි ප්‍රකාශයන් ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කිරීම තුළ ශිහාන් මිහිරංග ඉදිරිපත් කරපු කරුණු කාරණා කොතෙක් දුරට වලංගු තාවයක් තිබෙනවද කියන කාරණාවත් ජනතාව විදිහට තේරුම් ගත යුතුයි. ඔහු කියපු කාරණාවත් සියයට සීයක් නිවැරදි බව වටහා ගත යුතුමයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |