අලුත බැන්ද ජනප්‍රිය සුරූපී නිලි ශේෂාද්‍රි ප්‍රියසාද් ඇයගේ උපන්දිනය ජයටම සැමරුවේ මෙහෙමයි (VIDEO)

gossip shanudrie dinakshie Sheshadrie priyasad
By Sithumi Dec 02, 2021 06:33 PM GMT
Sithumi

Sithumi

Report

අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ කළා කරුවන්ගෙන් පිරුණු ආදරණීය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රියසාද් පවුලේ සහෝදිරියන් වන දිනක්ෂි, ශේශාද්‍රි වගේම ශනුද්‍රි කියලා කිවුවාම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඒ වගේම මේ ආදරණීය පවුල ගැන නිතරම සමාජ මාධ්‍ය තුලත් කතා බහට ලක්වෙනවා.

කොහොම නමුත් මේ ආදරණීය කැදැල්ලේ දෙවෙනි දියණිය තමයි ශේශාද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. ඉතින් මේ දක්ෂ සුරූපී රංගන ශිල්පිනියගේ උපන්දිනය පහුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇය අපූරු ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

01 ඉතින් ඒ වගේම චැලෙන්ජර්ස් චිත්‍රපටය හරහා සිනමාවට පිවිසුණු ඇය අද වන විට අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඇය මේ දිනවල ITN නාලිකාවේ විකාශනය වන ආලියා ටෙලිනාට්‍යය හරහාත් ප්‍රේක්ෂකයින් අතරට එනවා. කොහොම නමුත් මේ සුරූපී කළා ශිල්පිනිය පහුගිය දවසක විවාහ වුනු බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් ඒ වගේම ඇය මේ විදිහට විවාහ වෙලා තිබුනේ ඇයගේ වසර ගණනාවක ඉදන්ම පෙම්වතා වෙලා හිටපු ජනප්‍රිය ගායක ක්‍රිෂාන් පෙරේරා සමඟයි. 02 ඉතින් මේ ක්‍රිෂාන් කියලා කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ගායන ශිල්පියෙක් වගේම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඩොක්ටර් සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියෙක් කියන්නත් අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා.

කොහොම නමුත් සුරූපී නිලි ශේෂාද්‍රි ප්‍රියසාද් ඇයගේ උපන්දිනය වෙනුවෙන් කරපු අපූරු ෆොටෝශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ. 03 ඉතින් ඒ වගේම මේ අපුරු සුන්දර අවස්ථාවේදී ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූපකරන ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දක්ෂ ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන පමෝද් නිල්රූ ඡායාරූප ශිල්පියා විසිනුයි.

ඉතින් මේ පහුගිය දවසක උපන්දිනය සමරපු සුරූපී නිලි ශේෂාද්‍රි ප්‍රියසාද්ට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබපතන ගමන් ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now