දැන් මට දැනෙනවා වගකීම් වැඩියි කියලා, ගෙදර හිටියනම් අම්මිනේ ඔක්කොම කරන්නේ-ශේෂාද්‍රි ප්‍රියසාද් (PHOTOS)

gossip Shanudrie sheshadrie priyasad dinakshie Sri lanka acctress
By Sithumi Sep 02, 2021 05:56 PM GMT
Sithumi

Sithumi

Report

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය කළා තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියලා කියන්නේ. පසුගිය අගෝස්තු මස 20 වැනිදා ඇය කණ්ඩායම් සංගීතයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඩොක්ටර් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමඟ යුග දිවියට පිවිසුන බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් මේ හා හා පුරා කියලා පටන්ගත්ත අලුත් ජීවිතේ ගැන ඇය පහුගිය දවසක පුවත්පතක් එක්ක කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. අලුත් ජීවිතයට දැන් සති දෙකක් වෙනවා. අලුත් ජීවිතේ හැමදේම අලුත්. ගෙදර ඉන්නවාට වඩා හැමදේම සෑහෙන්න වෙනස්. උදේට නැගිටින වෙලාවේ ඉඳලා රෑට නින්දට යන වෙලාව වෙනතෙක් හැමදේම වෙනස් වෙලා තියෙන්නේ. මම ඉතින් ඒකට තවම හැඩ ගැහෙමින් පවතිනවා.

කොරෝනා නිසා අපිට කොහෙවත් ඇවිදින්න යන්න ලැබුණෙත් නැහැ. ඒත් මට හිතෙනවා මම විවාහ වුණේ හොඳම කාලේ කියලා. මොකද අපිට අපි ගැන හොඳ අවබෝධයක් ලබන්න පුළුවන් පුළුවන් හොඳම කාලයක් මේක. නොලැබුණු දේවල් ගැන පසුතැවෙන්නේ නැතුව ලැබෙන දේවල් ගැන සෑහිමකට පත් වෙනවා දැන් අපි දෙන්නා.

මගේ ජීවිතයේ වෙන හැම දේම මම ආශිර්වාදයක් විදිහට බාරගන්න. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව හැමදෙයක්ම වෙනවා කියලා මම විශ්වාස කරන්නේ. මගේ ජීවිතයේ කලින් වුණ ප්‍රශ්නත් එක්ක විවාහය ගැන මට වෙනස්ම අදහසක් තිබුණේ.

අපි අවුරුද්දක් තිස්සේ විවාහයේ හැමදෙයක්ම සැලසුම් කළා. මගේ ආදර කතාව ලොකු කතාවක් නෙමෙයි. එයා මගෙයි අක්කාගෙයි පරණ යාළුවෙක්. 2010දී අක්කියි මමයි රූපවාහිනී වැඩසටහනක් කළා ක්‍රිෂාන්ව ගෙන්නලා. එදා ඉඳලා එයා අපේ හොඳ යාළුවෙක්. අක්කායි ක්‍රිෂානුයි හොඳම යාළුවෝ වුණා.

ඒත් ලොකුවට කතාබහකළේ නැහැ අපි. ඇත්තටම මගේ ජීවිතේ විවාහය සම්බන්ධ හැල හැප්පීම් වුණාට පස්සේ අක්කා තමයි මට කිව්වේ ක්‍රිෂාන් එක්ක ටිකක් කතා කරලා බලන්න කියලා. මොකද ක්‍රිෂානුත් ඒ වෙනකොට මම වගේම ජීවිතේ ගැන අමිහිරි අත්දැකීම්වලට මූණ දීලා තිබුණේ. මම හිටපු තැනමයි එයත් හිටියේ.

අපි දෙන්නාට ජීවිතේ සම්බන්ධයෙන් එක වගේ අත්දැකීම් තිබුණු නිසා අපි ගැලපෙයි කියලා අක්කිට හිතෙන්න ඇති. ඉතින් කතා කළාම මටත් හිතුණා එයාට ජීවිතය ගැන හොඳ වැටහීමක් තියෙන කෙනෙක් කියලා. එයා මට ගැලපෙනවා කියලා මට හිතුණා. ඉතින් මම එයාට කැමති වුණා.

පවුලේ අයගෙනුත් අපිට දෙන්නාටම ආශිර්වාදය ලැබුණා. ඉතින් ඒ වගේම විවාහයෙන් පස්සේ ගෙදර වැඩ ගොඩක් මට කරන්න වෙලා. මම කොහොමත් ආසයි ගෘහණියක් වෙන්න. රස කෑම උයලා, ගෙවල් ලස්සනට අස්පස් කරගෙන ඉන්න මම ආසයි. ඒත් මම ගෙදර අම්මලා එක්ක ඉන්නකොට මගේ කාමරේ අස්කර ගත්තට ලොකුවට ගෙවල් අස් කළේ නැහැ.

ඒත් දැන් මට දැනෙනවා වගකීම් වැඩියි කියලා. ඒක හොඳ අත්දැකීමක්. මම උයලා ගෙදර අස් කරලා රෙදි සෝදලා වේලෙන්න දාලා කල්පනා කළා ගෙදර හිටියා නම් අම්මි මේ ඔක්කොම තනියම කරන්නේ කියලා. ඉතින් දැන් ඒ හැමදේම වෙනස් වෙලා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha