සංචරණ සීමා ගැන අලුත්ම දැනුම් දීම මෙන්න..යුධ හමුදාපති.
හෙට දිනයේ රට විවෘත වුවද අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් කටයුතු සඳහා පළාත් අතර සංචරණය තවදුරටත් තහනම් වන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
පසුගිය අගෝස්තු 20 වැනිදා සිට දිවයින පුරා ක්‍රියාත්මකව පවතින නිරෝධායන ඇදිරි නීතිය ඔක්තෝබර් පළමුවැනිදා (හෙට) උදෑසන 4 සිට ඉවත්කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොවිඩ් මර්දන කමිටුව වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව අනිද්දා අලුයම 4 සිට දැනට පවතින නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ පැවසුවේ.
මේ අතර අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්වලට ප්‍රමුඛතාව ලබාදෙමින් ඔක්තෝබර් පළමුවැනිදා සිට රාජ්‍ය සේවය යළි සක්‍රිය කිරීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ එළඹෙන පළමුවැනිදා රට විවෘත කිරීමත් සමඟ රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ ඊයේ සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ මත අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්ට වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙමින් රාජ්‍ය සේවාවේ කටයුතු පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරෙනවා.
අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහාවන චක්‍රලේඛයද අද නිකුත් කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
