හමුදාපතිගේ නිවස වීඩියෝ කරන්න ආපු මන්ත්‍රී හදුනා ගැනේ... (VIDEO)
Police
Shavendra Silva
Samagi janabalawegaya
By Aruna
හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පෞද්ගලික නිවස හා එය පිහිටි භූමිය වාහනයකින් පැමිණ ජංගම දුරකථනයකින් වීඩියෝගත කර ගෙන ගිය බව කියන හතර දෙනෙකු පිළිබඳව පරීක්ෂණ වැලිකඩ පොලිසිය විසින් පවත්වයි.
පොලිසිය පවසන්නේ මෙම පිරිස අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.
එම නිවස ඉදිරිපිට ආරක්ෂාවේ යෙදී සිටි ආරක්ෂකයින් විසින් මෙම වීඩියෝ ගත කිරීම දැක ඇති අතර ඒ බව පොලිසියට පැමිණිලි කර තිබේ.
ඔවුන් විසින් අදාළ වාහනයේ සිටි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද හඳුනාගෙන ඇතැයි පොලිසිය කියා සිටී.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
