සදරු ඔයා වරදක් කරනවා - මලිත් පෙරේරා ශශි නිශාදි ගැන කියපු කතාව

Shashi nishadi Eka bar malith perara
By Sithumi Aug 15, 2021 12:08 PM GMT
Sithumi

Sithumi

Report

සිරස සුපර්ස් ස්ටාර්ස් පලමු රොයැලිටි තරඟය ඔස්සේ ප්‍රේක්ෂක ආදරයාදටත් නොඅඩුව තියෙන ගායකයෙක් තමයි මලිත් පෙරේරා කියන්නෙ. මතක මන්දිර තනා ගීතය හරහා තමයි මලිත් ගොඩක්ම ජනප්‍රිය වුණේ. ඒ කොහොම වුණත් මලිත් මේ වෙනකොට නම් ඉන්නෙ විදේශගත වෙලා.

මලිත් පෙරෙරා කියන්නෙ ගොඩක් සතුටි කාට හරි විහිලුවක් කරගෙන ඉන්න ගායකයෙක්. ඒ නිසාම ජාති බේද නැතුව මලිත්ට හැමෝම ආදරය කරනවා. ඔහුගේ ෆේස්බුක් ගිනුම හරහාත් ඔහු හැමෝටම දෙන පොදු ආදර්ශය තමයි ආත එකේ ඉන්නෝනි කියන එක.

මේ දිනවල ශෂී නිශාදි ගැන මාධ්‍යවේදීන්, ගායකයො, නලු නිලියො විතරක් නෙවෙයි හැම කෙනාම කතා කරනවනෙ. ඉතින් ගොඩක් අය ශෂී නිෂාදිට බනිනකොට මලිත්ට නම් ඒ ගැන තියෙන්න වෙනස්ම වෙනස් මෙන්න මේ විදිහෙ අදහසක්.

“කවෘ කොහොම නටල හරි ඉතින් කීයක් හරි හොයාගන්න එකට නම් කිසි වරදක් කියන්න බෑ නේද. ඒකත් එක්තරා විදියක හසල් එකක්. ඒකෙ වරදකුත් ඇති. ඒත් හැමෝම ඕක කරන්න යන්නේ නෑනේ. ඒකෙන් හම්බෙන, නොහම්බෙන දේ දැනගෙන කරනව නම් ඉතින් අපිට චරිත සහතික දෙන්න අමාරුයි. එක එක්කෙනා වෙනස්.

ඇත්‍තම කියනවා නම් මමත් ඉතින් ඒක දැක්කම එක පාරට මේ මොකක්ද කියල බැලුවා. බලල හිනාත් උනා. මීම් දැකලා හිනාත් උනා. අපි හැමෝම පෘථක්ජන මිනිස්සුනේ බ්‍රෝ.

ඉතින් ඒක බලලා මිනිස්සුන්ට ඕනා දේ මිනිස්සු කියාවි. ඒවා නවත්තන්නත් බැරි වේවි. සමාජය එහෙමයි. ඒවා නවත්තන්න බෑ නවත්තන්න ඕනෙත් නෑ. මම හිතන විදියට එක එක්කෙනා බලන විදියවල් වෙනස් කරනවට වඩා ඒවා ගැන හිතන්නෙ නැතුව ගේම ගහගෙන යන එක ලේසී.

ගේම ගහන එකා ගේම ගහයි හිනා වෙන එකා හිනා වෙයි ඕව නම් මොනාද මේ කට්ට පිටින් ඉබ්බො මැරෙද්දි.කවුරු කොහොම නැටුවත් ඉතින් මට නම් අවුලක් කොහොමත් නෑ මන් සැපේ ඉන්නෙ.ඒත් සඳරු ඔයා වෙරදක් කෙරෙනවා මචන්.

මලිත් පෙරේරගෙ ඉදිරි කලා කටයුතු වලට සිලෝන් මීඩියා අපි සුභ පතනවා. ඉදිරියේදිත් මේ වගේම සතුටින් ඉන්න කියලත් කියනවා.

ReeCha