ශෂී වීරවංශ බන්ධනාගාරයට.. වීඩියෝ සහිතයි.. (VIDEO)

Sri Lanka Police Wimal Weerawansa Sri Lanka
By Sithumi May 27, 2022 12:17 PM GMT
Sithumi

Sithumi

Report

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් තබාගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මියව අද (27) පස්වරුවේ බන්ධනාගාරය වෙත රැගෙනගොස් තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ඇයට වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබුණි.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් යහපාලන රජය සමයේ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

මේ අතර ශෂී වීරවංශ මහත්මිය එම දඬුවමට එරෙහිව අභියාචනයක් ද ඉදිරිපත් කර තිබේ. එබැවින් ඇය ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරුන් කළ ඉල්ලීම ලබන 30 වනදා සලකාබලන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 

 මෙම ඇප ඉල්ලීම අද (27) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතගේ නිල මැදිරිය තුළදී කැඳවනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now