තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි

Report

 අද (19) අළුයම් කාලය තුළ දී නිවසක් තුළ කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙන බව වාර්තා වේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊච්චන්කුලම් පොලිස් වසමේ කරුවෙප්පන්කුලම් ප්‍රදේශයේ දීය.

මියගිය කාන්තාව වයස අවුරුදු 37ක් වූ කරුවෙප්පන්කුලම් ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පවුල් ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ පුරුෂායා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

අද වැසුණු පාසල් නැවත පටන් ගන්න දිනය මෙන්න

අද වැසුණු පාසල් නැවත පටන් ගන්න දිනය මෙන්න

පොලිස් ආරක්ෂාව යටතේ මෘත ශරීරය එම ස්ථානයේම තබා ඇත .

තවද මෙම සිද්ධියේ සැකකරුද තම ගෙල කපා ගැනීම හේතුවෙන් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බවපොලිසිය සදහන් කරයි.

ඒ වගේම ඊච්චන්කුලම් පොලිසිය විසින් මෙම සිද්ධිය පිළිබදව තව දුරටත් විමර්ශන කටයුතු සිදු කරයි.

ආයෙත් තත්ත්වය භයානක වෙයි ජල ගැලීම් නිසා රට පුරා මාර්ග අවහිරයි - විශේෂ නිවේදනයක්

ආයෙත් තත්ත්වය භයානක වෙයි ජල ගැලීම් නිසා රට පුරා මාර්ග අවහිරයි - විශේෂ නිවේදනයක්